AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත රුපියල් එක්කෝටි හතලිස් හතර ලක්ෂයක අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ අහුංගල්ලේ සංජීවගේ අනුගාමිකයෙකු වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිපැන්න හා අලුත්ගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරගෙන යන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ බුද්ධි නිධාරීන්ට ලද තොරතුරක් මත අද (02) සවස වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සිල්වාගේ උපදෙස් පරිදි එම වැටලීම සිදුකර තිබුණා.

විශේෂ පොලිස් කණ්ඩායමක් වැලිපැන්න, වළගෙදර පන්සල පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු සන්තකයේ තිබී රුපියල් එක්කෝටි හතළිස් හතර ලක්ෂයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900 ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලිසිය සමත් වුණා.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ වයස අවුරුදු 29 වී ඇති වැලිපැන්න වළගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මේ වන විට විදෙස් රටක සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අහුංගල්‍ලේ සංජීව නමැත්තාගෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය ඔහුට ලැබෙන බවයි.

ඔහු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය අලුත්ගම, වැලිපැන්න ,මතුගම, ලෙව්වන්දූව ප්‍රදේශවලට මෙන් ම වැලිපැන්න දක්ෂිණ අධිවේගී හුවමාරුවෙන් විවිධ පුද්ගලයින්ටද මෙම අයිස් මත්ද්‍රව්‍ය ලබා දුන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ඔහුට විශාල මුදලක් දිනකට ප්‍රධාන ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණා.

ඔහුගේ නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම ජාවාරම මෙහෙයවූ ජංගම දුරකථනයක්, මත්ද්‍රව්‍ය කිරීමට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තරාදියක්, ඇසුරුම් කිරීමට යොදා ගන්නා ඇසුරුම් ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු හෙට (03) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Image 2024 10 02 at 20.26.22 1 2
WhatsApp Image 2024 10 02 at 20.26.23 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24
Video thumbnail
කෝටි දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය සමග කොටුවුණ පුද්ගලයා
00:39
Video thumbnail
එක්සත් ජාතික පක්ෂය හෙට ගන්න යන තීරණාත්මක තීරණය #unp #ranilwickremesinghe
03:11
Video thumbnail
හොරෙන් හොරෙන් රනිල් - මුණගැහෙන්න යන ගැන්සිය - මාධ්‍ය මග හැර යයි #ranilwickremesinghe
00:54
Video thumbnail
ඔබේ ඡන්දය අපතේ යවාගන්න එපා - පාඨලී කළ කාරුණික ඉල්ලීම #npp #akd
08:06
Video thumbnail
නොසැලකිළිමත් රිය ධාවනයෙන් - සිදුවුණ බිහිසුණු රිය අනතුර
01:31
Video thumbnail
🛑Breaking News - ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය Leak කරලා තියෙන්නේ මාලිමාවට සම්බන්ධ ගුරුවරයෙක් ?
04:13
Video thumbnail
විභාගය ලියන්න ආසාවෙන් ඉන්න හපන්නු - "ආය තිබ්බොත්නම් හෙඳයි"
02:27
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිණිට දැඩි දෝෂාරෝපණයක් - "පොඩි ළමයි මානසිකව වැටිලා ඉන්නේ"
02:16

?