AFC Banner
Empty Ad
Empty Ad

තායිලන්තයේ පාසල් සිසුන් රැගත් බස් රථයක් ගිනි ගනී – ජීවිත රැසක් අහිමිවෙයි

තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්ව 25 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට වේලාවෙන් අද (01) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි.

උතුරු බැංකොක් හි අධිවේගී මාර්ගයක ගැටීමෙන් බස් රථය පසුව ගිනි ගෙන ඇති අතර, එම අවස්ථාවේ දී එහි සිසුන් 38 දෙනෙකු සහ ගුරුවරුන් හය දෙනෙකු සිට තිබෙනවා.

තායි රජයේ ආරංචි මාර්ග පැවසුවේ 16 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

මම අනතුරින් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත එරට අගමැති පේටොංටාර්න් ෂිනවත්‍රා ශෝකය පළකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?