තීරණාත්මක ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායමේ සැලැස්ම මල් ඵල ගැන්වෙයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය ස්ථානය තවදුරටත් රැක ගැනීමට ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට (01) පෙර සමත් වුණා.

ඒ ඉන්දියාවේ කන්පූර් හි දී සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ද කඩුලු 07කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පිතිකරණයට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රමුඛ කණ්ඩායම බංග්ලාදේශ පිල පළමු ඉනිමේ දී ලකුණු 233කට සීමා කිරීමට සමත් වුණා.

සිය පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණය ඇරඹූ ඉන්දීය කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ අනුව දෙවැනි ඉනිම සඳහා පිතිකරණය ඇරඹි බංග්ලාදේශ කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 146ක් ලබාගත්තේ ඉන්දීය කණ්ඩායමේ සැලැස්ම තවදුරටත් පහසු කරමින්.

තරගය පුරාම විටින් විට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් වඩාත් අවාසිසහගත තත්ත්වයක් ඉන්දීය ජයග්‍රහණයට එල්ල වෙද්දීත්, මනා සැලසුමකින් ක්‍රීඩා කළ ඉන්දීය නායකයා ප්‍රමුඛ කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම තරගයේ අවසන් දිනය වන අද දිනයේ දී සියල්ලන් ම දවා ගත්තේ තමන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 94ක පහසු ඉලක්කයක් රඳවා ගනිමින්.

දෙවැනි ඉනිමේ දී බංග්ලාදේශයේ කඩුලු බිඳ හෙලීමේ දී ඉන්දීය පන්දු බලඇණියේ ජස්ප්‍රිට් බුම්‍රා, අශ්වින් සහ ජඩේජා කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

එක් කඩුල්ලක අයිතිය හිමිවූයේ අකාශ් ඩීප් හට යි.

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 94ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 03ක් දැවී සිටියදී ලකුණු 98ක් ලබා ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී Yashasvi Jaiswal ලකුණු 51ක් සහ විරාට් කෝලි නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.

මෙහිඩි කඩුලු 02ක් සහ ටයිජුල් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය යශස්වි ජයිස්වාල් විසින් දිනාගනු ලැබූ අතර තරගාවලියේ වීරයා බවට පත් වූයේ තුන් ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි තරග 02කින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග 2-0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ජයගත්තේ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිය පළමු තැන තවදුරටත් රඳවා ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16