ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු මිල සංශෝධනය කළ හැකි දැයි යන්න අද සලකා බලනවා – ගැමුණු විජේරත්න (වීඩියෝ)

සාම්ප්‍රාදයික මිල සූත්‍රය අනුව ඉදිරියටත් කටයුතු කිරීමට සිදු වන බවත්; සෙසු බස් සංගම්වල පාර්ශ්ව සමග සාකච්ඡා කර අද (01) හෝ හෙට (02) දිනයේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ ද නොවන්නේ ද යන කාරණය පිළිබඳ ව මගී ජනතාව දැනුම්වත් කරන බවත් ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඊයේ (30) රාත්‍රියේ දී ඉන්ධන මිල පහත වැටීමත් සමග ජනතාව මීළඟට බලාපොරොත්තුවෙන් සිටින්නේ බස් ගාස්තු ද පහත බසිනු ඇති බවටයි.

නමුත් නව රජය යටතේ ද සිදු කරන්නේ සාම්ප්‍රදායික මිල සූත්‍රය ම ක්‍රියාත්මක කරමින් කටයුතු කිරීම බවත් තමන් ඒ පිළිබඳ ව මාලිමා රජයට ස්තුතිය පළ කරන බව ද ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

මීට පෙර දිනකදී මහාචාර්‍ය රොහාන් සමරනායක මහතා පැවසූ පරිදි ‘රනිල් එලවා රනිල්ව ම පත් කරගැනීමක් සිදුව ඇති බව’ ද බස් සංගම් සභාපතිවරයා මෙහිදී කියා සිටි අතර; නව මිල සූත්‍රයක් හඳුන්වා දේ යැයි සිතුව ද එය එසේ සිදු නොවන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

එබැවින් පරණ මිල සූත්‍රයට අනුව බස් ගාස්තු අඩු කිරීමට තරම් සහනයක් බස් සංගම්වලට හිමි නොවුණ ද, ජනතාවට යම් සහනයක් ලබාදීමට හැකියාවක් පවතින්නේ ද යන කාරණය සම්බන්ධයෙන් අද දිනයේ දී සාකච්ඡා කෙරෙන බව ද ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

ගෝලීය වශයෙන් බොරතෙල් සපයන රටවල්වල ද මේ වනවිට යුද වාතාවරණයක් පවතින බැවින් ඉදිරියේ දී බොරතෙල් බැරලයක මිල ද ඉහළ ගියහොත් බස් රථ ගාස්තු මිල ඉහළ දැමීමේ අවදානමක් ද උද්ගත ව පවතින බව ද මෙහිදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?