IOC ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

ලංකා අයි.ඕ.සී සමාගම ද ඉන්ධන මිල සංශෝධනයට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කළ ප්‍රමාණයටම අයි.ඕ.සී සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (30) මධ්‍යම රථයේ සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.

ඒ,අනුව අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 24කින් පහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 283ක් ලෙසයි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දැමීමට කටයුතු කළ අතර, නව මිල රුපියල් 319ක් ලෙස දැක්වෙනවා.

භූමිතෙල් ලීටරයක් රුපියල් 19 කින් පහළ දමා ඇති අතර, ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183ක් වනවා.

මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිලේ වෙනසක් සිදුකර නැහැ.

ඊට අමතරව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන් ද පහළ දමා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20