AFC Banner
Empty Ad
Empty Ad

IOC ඉන්ධන මිලත් සංශෝධනය කෙරේ

ලංකා අයි.ඕ.සී සමාගම ද ඉන්ධන මිල සංශෝධනයට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කළ ප්‍රමාණයටම අයි.ඕ.සී සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (30) මධ්‍යම රථයේ සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.

ඒ,අනුව අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 21කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 311ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 24කින් පහළ දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 283ක් ලෙසයි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දැමීමට කටයුතු කළ අතර, නව මිල රුපියල් 319ක් ලෙස දැක්වෙනවා.

භූමිතෙල් ලීටරයක් රුපියල් 19 කින් පහළ දමා ඇති අතර, ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183ක් වනවා.

මේ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිලේ වෙනසක් සිදුකර නැහැ.

ඊට අමතරව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන් ද පහළ දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?