Indian Premier League

දැඩි අර්බුදයක් ඇත්නම් විභාගය යළිත් පවත්වන්න කිසිම මැලිකමක් නෑ – විභාග කොමසාරිස් (වීඩියෝ)

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බවට අනාවරණය වූ පළමු පත්‍රයේ ප්‍රශ්න 03ටම නිදහස් ලකුණු ලබාදීමේ තීරණය මේ මොහොතේ දරුවන් වෙනුවෙන් ගත හැකි උපරිම සාධාරණ තීන්දුව බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අද (30) පැවති මාධ්‍ය හමුවක දී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ; මේ සම්බන්ධයෙන් වන පූර්ණ වාර්තාවක් ලේකම්වරිය විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත පිරිනමා ඇති බවයි.

නමුත් මෙම සිදුවීමෙන් දරුවන්ට විශාල අගතියක් සිදු වන්නේ නම් පමණක් යළි විභාගය පැවැත්වීමට කිසිදු මැලිකමක් නොදක්වන බවත්; එවන් බරපතළ ගණයේ තීන්දු මීට පෙර අවස්ථාවල දී ද ගෙන ඇති බවත්; එහෙත් සිදු කරන ලද විමර්ශන අනුව සහ විශේෂඥ කමිටුවේ තීන්දු මත නැවත විභාගයක් පවත්වා දරුවන් පීඩාවට පත් කිරීමට අවශ්‍ය නොවන බැවින්; පිළිතුරු සැපයූ හා නොසැපයූ සියලු දරුවන් හට අදාළ අර්බුදකාරී ප්‍රශ්න ත්‍රිත්වය වෙනුවෙන් නිදහස් පූර්ණ ලකුණු පිරිනැමීමට තීරණය කළ බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ඉතා කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු අරඹා සාධාරණ අයුරින් මෙම ගැටලුව නිරාකරණය කරන බවට ද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දුන්නා.

මේ අතර මතභේදයට තුඩු දී ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් විමර්ශන කටයුතු සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුවට සැර වෙයි
07:13
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
31:30
Video thumbnail
බලංගොඩ කස්සප හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්
11:46
Video thumbnail
දිලීත්ගේ මුළු මූණම අද රතු වෙලා...මොකද මේ මළ පැනලා
10:54
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46

?