රට රැකියා පෙන්වා මුදල් ගැරූ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට

කොරියාව, ඉතාලිය සහ ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබාගත් බව කියන කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; එක් සැකකාරිණියක් මහනුවරදීත්, අනෙක් සැකකාරිණිය ගලගෙදරදීත් අත්අඩංගුවට ගෙන ඇත්තේ; විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් බවයි.

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 05 බැගින් සහ ඉතාලියේ රැකියාවක් ලබාදෙන බව පවසා තවත් අයෙකුගෙන් රුපියල් හත්ලක්ෂ තිස්දහසක මුදලක් සැකකාරිණියන් ලබාගෙන තිබෙනවා.

සැකකාරිණියන් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි 04කට අනුව මෙම විමර්ශනය සිදු කෙරුණා.

අත්අඩංගුවට ගෙන ඇති මහනුවර ප්‍රදේශයේ සැකකාරිණිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 02 බැගින් වන පුද්ගල ඇප 02ක බැගින් නියම කර මුදා හැර තිබෙනවා.

මේ අතර, ඩුබායි හි රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 05 ක මුදලක් වංචා කළ ගලගෙදර ප්‍රදේශයේ සැකකාරිණිය එළඹෙන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගලගෙදර මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14