AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියා පෙන්වා මුදල් ගැරූ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට

කොරියාව, ඉතාලිය සහ ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබාගත් බව කියන කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ; එක් සැකකාරිණියක් මහනුවරදීත්, අනෙක් සැකකාරිණිය ගලගෙදරදීත් අත්අඩංගුවට ගෙන ඇත්තේ; විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් බවයි.

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 05 බැගින් සහ ඉතාලියේ රැකියාවක් ලබාදෙන බව පවසා තවත් අයෙකුගෙන් රුපියල් හත්ලක්ෂ තිස්දහසක මුදලක් සැකකාරිණියන් ලබාගෙන තිබෙනවා.

සැකකාරිණියන් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි 04කට අනුව මෙම විමර්ශනය සිදු කෙරුණා.

අත්අඩංගුවට ගෙන ඇති මහනුවර ප්‍රදේශයේ සැකකාරිණිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 02 බැගින් වන පුද්ගල ඇප 02ක බැගින් නියම කර මුදා හැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?