පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2යි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට වසර 2 ක් ගත වී තිබෙනවා.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

එමෙන්ම 8.45 ට මළවුන්ගේ සීනුව නාද කර විනාඩි දෙකක නිහැඩියාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට අදාළව ඊයේ (20) පස්වරු 4 සිට අද (21) දහවල් 12 දක්වා දේවස්ථානය අවට මාර්ග කිහිපයක ගමනාගමනය ද සීමා කර තිබෙනවා.

එමෙන්ම දේවස්ථානවල පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයන් සහ අනෙකුත් ආගමික වැඩසටහන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 6 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

මේ අතර අද දින කතෝලික සභාව විසින් පාලනය කරන සියලුම පසක් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2019 අප්‍රේල් 21 වැනිදා මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල යන ස්ථාන වලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණා.

දශකයකට ඉහත දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය මෙයයි.

ප්‍රහාරයෙන් මියගිය පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන් වන අතර විදේශිකයන් තිස් අට දෙනෙකුවත් ප්‍රහාරවලට හසුව ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජයි වසන්ත සමරසිංහ - අපි මහ පාරේ විසඳගමු
12:15
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
01:07
Video thumbnail
ගමක් බය කරන වන අලියා
00:58
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28