ඡන්ද දිනය වෙනස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමට පැමිණිලි(වීඩියෝ)

පාර්ලිමේන්තුව මහ මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා දිනය වෙනස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඡන්දය පැවැත්වීමට නියමිත දිනට පසුදින එනම් නොවැම්බර් 15 වැනි සිකුරාදා බිනර පුර පසළොස්වක පොහොය බවත් එදින කඨින චීවර පූජාවේ අවසන් පොහොය බැවින් ආගමික වශයෙන් වැදගත් දිනයක් බවට ප්‍රකාශ කරමින් මැතිවරණ දිනය වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු සිදු කරන ලෙස පැමිණිලි ලැබී ඇති බවයි.

මැතිවරණය වෙනත් දිනයක පවත්වන ලෙස ඉල්ලා අද (30) පෙරවරුවේ ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධාන‍යේ පූජ්‍ය බලන්ගොඩ කශ්‍යප හිමි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණ දිනට කලින් යෙදෙන ඉල්මහ විරු සැමරුම පවතින රජයට දේශපාලන වාසියක් අත්කරදීමේ හැකියාවක් ඇති බව ද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇති බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16