යළි මව්‍බිමට ඒමේ දී ශකීබ් අල් හසන්ට රාජ්‍ය ආරක්ෂාවක්?

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල් හසන්ට රජයෙන් දැඩි ආරක්ෂාවක් ලබාදෙනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඊට හේතුව වන්නේ; ඔහු බංග්ලාදේශයේ හටගත් උද්ඝෝෂණවල දී ඝාතනය වූ අරගලකරුවන්ට සම්බන්ධ නඩු විභාගයක චූදිතයෙකු ලෙස නම් කිරීමේ චෝදනාවට ලක් වීමයි.

මේ දිනවල ඉන්දියාවට එරෙහිව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉන්දියාවට එරෙහිව තරග දෙකකින් යුත් තරගයක් සඳහා ශකීබ් ඉන්දියාවට ගොස් සිටිනවා.

එබැවින් ඔහු එම තරගාවලිය අවසන් කර යළිත් ඩකා අගනුවරට පැමිණීමේ දී ක්‍රීඩකයෙකුට ලබාදෙන ආකාරයේ උපරිම ආරක්ෂාවක් ඔහුට හිමිගැන්වෙනු ඇතැයි එරට ක්‍රීඩා උපදේශක අසීෆ් මහමුද් පවසන්නේ.

නමුත් එලෙස ආරක්ෂාවක් ලබා දුන්න ද; ශකීබ් සිය දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම කළ යුතු බවත් ජනතාවට තෘප්තිමත් විය හැකි ආකාරයෙන් අදහස් පළ කිරීමක් මේ මොහොතේ බංග්ලාදේශයටත් ශකීබ්ටත් අත්‍යවශ්‍ය වන බවයි මහමුද් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

බංග්ලාදේශයේ පැවති දේශපාලනික අරගලකාරී තත්ත්වය හමුවේ හිටපු අගමැතිනි ශීක් හසීනාගේ අවාමි ලීග පාලනය අවසන් කිරීමට උද්ඝෝෂකයින් කටයුතු කළ අතර; එම පක්ෂයෙන් මෙම වසරේ ජනවාරි මස 08 වැනි දින ශකීබ් අල් හසන් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

නමුත් ශකීබ් කිසිදු ලෙසකින් ශීක් හසීනාගේ ඉවත්වීම හෝ රටේ පැවති දේශපාලනික වියවුල්කාරීත්වය ගැන අදහස් නොදැක්වීම සහ අරගලකරුවන් ඝාතනයට ලක් වීමේ චෝදනාවකට ලක් වීම හේතුවෙන් එරට ජනතාව පසුවන්නේ දැඩි නොසන්සුන්තාවකින්.

ඒ හේතුවෙන් සිය මව් රටට ශකීබ් නැවත පැමිණීමත් සමග ඔහු ජනතාව ආමන්ත්‍රණය කරනු ඇතැයි එරට ක්‍රිකට් උපදේශ අසීෆ් මහමුද් විශ්වාස කරනවා.

100කට වැඩි ගණනක් ජූලි හා අගෝස්තු මාසවල දී ශිෂ්‍ය අරගලවල දී මියගිය අතර ශකීබ් එම විරෝධතා පැන නැගීමේ දී නිහඬ ව සිටීමෙන් ඔහුට ලැබුණු ජනප්‍රියත්වය ද පහත වැටුණු බවයි පෙනී යන්නේ.

කාන්පූර්හි දී, පැවති මාධ්‍ය හමුවේ දී ශකීබ්ගෙන් බංග්ලාදේශයේ දේශපාලන වෙනස්කම් පිළිබඳ ඔහුගේ ස්ථාවරය ගැන විමසූ විට හෙතෙම එම ප්‍රශ්නය මගහැරීම දැඩි කතාබහකට ලක් වුණා.

එම මාධ්‍ය හමුවේ දී ශකීබ් දැනුම්දුන්නේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ඩකා නුවර දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ අවසන් තරගය වන බවයි.

විරෝධතා හේතුවෙන් අවාමි ලීගයේ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් බංග්ලාදේශයේ දී අත්අඩංගුවට ගැනුණු අතර ෂකීබ් සහ තවත් 146 දෙනෙකු විරෝධතාවලට සම්බන්ධ මිනීමැරුම් නඩුවකට නම්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23