AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ අභිප්‍රේරණ දිරි දීමනාව ගෙවීම ගැන පැහැදිලි කිරීමක්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා අභිප්‍රේරණ දිරි දීමනාව ගෙවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපය තුළ වාර්තා පළවුණේ ප්‍රභූ ආරක්ෂක සේවයට අනුයුක්ත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව අත්හිටුවා ඇති බවයි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිළි කර ඇත්තේ; සැප්තැම්බර් 22 වැනිදා සිට එම නිලධාරීන් එම රාජකාරිවලට සම්බන්ධ නොවන බැවින් හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි නිලධාරීන් සඳහා දීමනාව මින් ඉදිරියට නොගෙවන බවයි.

එම දීමනාව ගෙවනු ලබන්නේ 2024 සැප්තැම්බර් 22 දක්වා පමණක් බවයි එමඟින් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනාව නතර කර නොමැති බවත්, එම දීමනාව සාමාන්‍ය පරිදි ගෙවන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?