ප්‍රභූ ආරක්ෂක සාමාජිකයින්ගේ අභිප්‍රේරණ දිරි දීමනා ගෙවීම ගැන පැහැදිලි කිරීමක්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා අභිප්‍රේරණ දිරි දීමනාව ගෙවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපය තුළ වාර්තා පළවුණේ ප්‍රභූ ආරක්ෂක සේවයට අනුයුක්ත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව අත්හිටුවා ඇති බවයි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිළි කර ඇත්තේ; සැප්තැම්බර් 22 වැනිදා සිට එම නිලධාරීන් එම රාජකාරිවලට සම්බන්ධ නොවන බැවින් හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි නිලධාරීන් සඳහා දීමනාව මින් ඉදිරියට නොගෙවන බවයි.

එම දීමනාව ගෙවනු ලබන්නේ 2024 සැප්තැම්බර් 22 දක්වා පමණක් බවයි එමඟින් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දීමනාව නතර කර නොමැති බවත්, එම දීමනාව සාමාන්‍ය පරිදි ගෙවන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43