රට සිගරට් තොගයක් සමඟ කතක් ගුවන් තොටේ දී මාට්ටු

රුපියල් පනස් පන් ලක්ෂ විසිදහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකාර කාන්තාව විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටි තැනැත්තියක් බවයි අනාවරණය වී ඇත්තේ.

මැය අද (30) අලුයම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ඇයගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

දුම්වැටි 36,800ක් අඩංගු දුම්වැටි කාටූන් 184ක් මෙලෙස තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 02 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාද නඩු තීන්දු දෙන්නෙ ? හැකර් තමා එයා..කෙඳිරිගාලා හරියන්නේ නෑ..නාමල් සැරටම කිව්ව දේ
04:50
Video thumbnail
නාමල් මහ වැස්සේ තෙමීගෙන දොම්පෙට ගිය හැටි..පස් පව්වලින් වැලකෙන අපේ නායකයා..ජය
02:08
Video thumbnail
වෙන්න ගිය බිහිසුණු අනතුර..මෙතන කවුද වැරදි ?
00:24
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න
01:07
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජාවක් නෑනේ..යෙදුවුම් නෑ නිමැවුම් විදියට එන්නේ නාස්තිය..ශිරාල් ලක්තිලකගෙන් සැර කතාවක්
05:46
Video thumbnail
යාපනය රෝහලේ හදිසියේම ඇතිවූ මහ ගින්න .. ඖෂධ ගබඩාව අළුවෙලා ගිහින්
01:36
Video thumbnail
දැක්කද අගමැතිතුමිය බගියේ නැගලා යද්දී ගාඩ්ලා පස්සෙන් දුවනවා
01:14
Video thumbnail
ජනාධිපතිතුමාව ඇතුලට දාන්න ඕනේ - අධිකරණයට අපහාස කරලා
07:13
Video thumbnail
අපි පැය 24න් හැකර්ව ඇල්ලුවා.. මේ ආණ්ඩුවට අත්දැකීමක් නෑනේ
04:09
Video thumbnail
මේ ආණ්ඩුව හැමදේම පැලවත්තකරණය කරගෙන යනවා
07:43