අයර්ලන්තයට ඉතිහාසගත 20-20 ජයක්

විස්සයි විස්ස තරගයක දී පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරන්නට අයර්ලන්තයට ඊයේ (29) හැකියාව ලැබුණා.

අබුඩාබිහිදී පැවති මෙම තරගය දකුණු අප්‍රිකාව පරාජය කරමින් අයර්ලන්තය ජය ගත්තේ ලකුණු දහයකින්.

මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට එකක් ලෙස සම කරන්නට ද අයර්ලන්තයට හැකියාව ලැබුණා.

තරගයේ පළමුවට පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු හයකට ලකුණු 195ක් රැස් කළා.

එහිදී රොස් ඇඩෙයාර් පන්දු 58ක් තුල වේගවත් ශතකයක් රැස් කරමින් ජගත් 20-20 පිටියේ ශතකයක් රැස්කළ තුන්වන අයර්ලන්තය පිතිකරුවා බවට පත් වුණා.

අයර්ලන්ත ඉනිම වෙනුවෙන් නායක පෝල් ස්ටර්ලින් ලකුණු 52ක් රැස් කළේ පන්දු 31කට මුහුණ දෙමින්.

අනතුරුව ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 185ක් පමණයි.

රීසා හෙන්ඩ්‍රික්ස් සහ මැතිව් බ්‍රීට්ස්කේ දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක රැස්කළත් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

මාර්ක් ඇඩෙයාර් දකුණු අප්‍රිකානු ඉනිමේ කඩුලු 04ක් බිඳ දමමින් අයර්ලන්ත ජයග්‍රහණයට මඟ සකසා දුන් අතර, ග්රැහැම් හියුම් කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 10කින් ජයගෙන අයර්ලන්ත විස්සයි විස්ස පිටියේ පළමුවරට දකුණු අප්‍රිකාව පරාජය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26