පොලිස් සැරයන්ගේ විමසිල්ලෙන් කාන්තා ජීව්තයක් බේරෙයි

මන්නාරම කොට්ඨාශ රථ වාහන අංශයේ පොලිස් සැරයන් මලලසේකර නිලධාරියාගේ විමසිලිමත් බව හේතුවෙන් මන්නාරම ප්‍රධාන පාලමෙන් පැන දිවි නසා ගැනීමට ගිය කාන්තාවක් අද(29) දින බේරා ගැනීමට හැකිව තිබෙනවා.

පොලිසිය පවසන්නේ; කොට්ඨාශ රථවාහන අංශයේ සේවා මුරය භාරව පොලිස් සැරයන් මලලසේකර නිළධාරියා අද(29) දින උදෑසන මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසළ කාර්යාලයේ සේවයේ නිරතව සිටි අවස්ථාවේ කාන්තාවක් ඒ අසළට ඇති බවයි.

එහිදී එම කාන්තාව ලිපියක් වැනි යමක් අතැතිව “තමා දෙමළ දන්නේදැයි” එම නිලධාරියාගෙන් අසා තිබුණා.

අදාළ අවස්ථාවේ සැරයන්වරයා “ඔබ කවුද?” යන්නෙන් දමිළ බසින් විමසා ඇති අතර, කාන්තාව විසින් අදාළ අවස්ථාවේ ඇයගේ අතෙහි තිබු ලිපියක් හා ජංගම දුරකථනයක් පොලිස් සැරයන්වරයාගේ මේසය මතින් තබා මන්නාරම පාලම දෙසට දිවගොස් තිබෙනවා.

සිද්ධිය නිරීක්ෂණය කළ පොලිස් සැරයන් මලලසේකර නිළධාරියා විසින් අදාළ කාන්තාව දිවි නසා ගැනීමට යන්නේ යැයි සැක සිතා කාන්තාව පසුපසින් පන්නාගෙන ගොස් ඇති අතර, කාන්තාව ඒ අවස්ථාවේදී පාලමේ ආරක්ෂිත බැම්මට නැග කලපුවට පැනීමට සූදානම්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාව පාලමෙන් පැනීමට සූදානම්වනවාත් සමග මලලසේකර නිළධාරියා විසින් කාන්තාවගේ කකුලෙන් අල්ලාගෙන කාන්තාව බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ඉන් අනතුරුව සැරයන්වරයා විසින් බේරාගත් කාන්තාව මන්නාරම පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය වෙත ඉදිරිපත් කොට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47