AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් සැරයන්ගේ විමසිල්ල හේතුවෙන් කාන්තා ජීවිතයක් බේරෙයි

මන්නාරම කොට්ඨාශ රථ වාහන අංශයේ පොලිස් සැරයන් මලලසේකර නිලධාරියාගේ විමසිලිමත් බව හේතුවෙන් මන්නාරම ප්‍රධාන පාලමෙන් පැන දිවි නසා ගැනීමට ගිය කාන්තාවක් අද(29) දින බේරා ගැනීමට හැකිව තිබෙනවා.

පොලිසිය පවසන්නේ; කොට්ඨාශ රථවාහන අංශයේ සේවා මුරය භාරව පොලිස් සැරයන් මලලසේකර නිළධාරියා අද(29) දින උදෑසන මන්නාරම නගරයට පිවිසෙන ප්‍රධාන පාලම අසළ කාර්යාලයේ සේවයේ නිරතව සිටි අවස්ථාවේ කාන්තාවක් ඒ අසළට ඇති බවයි.

එහිදී එම කාන්තාව ලිපියක් වැනි යමක් අතැතිව “තමා දෙමළ දන්නේදැයි” එම නිලධාරියාගෙන් අසා තිබුණා.

අදාළ අවස්ථාවේ සැරයන්වරයා “ඔබ කවුද?” යන්නෙන් දමිළ බසින් විමසා ඇති අතර, කාන්තාව විසින් අදාළ අවස්ථාවේ ඇයගේ අතෙහි තිබු ලිපියක් හා ජංගම දුරකථනයක් පොලිස් සැරයන්වරයාගේ මේසය මතින් තබා මන්නාරම පාලම දෙසට දිවගොස් තිබෙනවා.

සිද්ධිය නිරීක්ෂණය කළ පොලිස් සැරයන් මලලසේකර නිළධාරියා විසින් අදාළ කාන්තාව දිවි නසා ගැනීමට යන්නේ යැයි සැක සිතා කාන්තාව පසුපසින් පන්නාගෙන ගොස් ඇති අතර, කාන්තාව ඒ අවස්ථාවේදී පාලමේ ආරක්ෂිත බැම්මට නැග කලපුවට පැනීමට සූදානම්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාව පාලමෙන් පැනීමට සූදානම්වනවාත් සමග මලලසේකර නිළධාරියා විසින් කාන්තාවගේ කකුලෙන් අල්ලාගෙන කාන්තාව බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ඉන් අනතුරුව සැරයන්වරයා විසින් බේරාගත් කාන්තාව මන්නාරම පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය වෙත ඉදිරිපත් කොට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?