AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වැඩ ගැන වාර්තාවක් එළියට

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් වාර්තාවක් නිකුත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාර්ලින් පෙන්වා දෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 73ක වටිනාකමකින් යුතු විෂ නිර්දේශ අලුත් වීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර මුද්‍රණය කිරීම සහ ඇගයීමක් නොකර මුද්‍රණය කිරීම් වැනි කරුණු එහි පෙන්වා දී ඇති බවයි ඔහු පවසන්නේ.

2023 වසරේ පෙළ පොත් නිකුත් කිරීම මාස දෙකක් ප්‍රමාද වී ඇති අතර එම හේතුවෙන් දරුවන් විශාල පීඩනයකින් කටයුතු කර ඇති බවද හෙතෙම පවසනවා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු රැසක් පිළිබඳව පෙන්වා දුන් ජෝසප් ස්ටාර්ලින් කියා සිටියේ, ඒ පිළිඳව අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බවයි.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාව මෙතැනින් බලන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?