AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ සිට බදුලු ගිය උඩරට මැණිකෙට අසූචි ගහලා

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඊයේ (28) ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ දෙවන පංතියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසල දී එකවරම පොලිතින් උරයක බහාලූ අසූචි දුම්රිය මැදිරිය තුළට කිසියම් පිරිසක් විසින් විසිකර තිබෙනවා.

එම අවස්ථාවේ එම මැදිරිය තුළ සිටි විදේශිය යුවළකට එලෙස විසිකළ පොලිතින් උරය තුළ දමා තිබූ අසූචි වැදී ඇති අතර,

පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත පැමිණි පසු එම විදේශීය යුවළ අසුචී තැවරුණු ඇදුම් මාරු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසූචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය යළි බදුල්ල දක්වා ධාවනය කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය විමර්ශන පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?