AFC Banner
Empty Ad
Empty Ad

හිස්බුල්ලා නායකයාගේ මරණයත් සමඟ ඉරානයේ දින පහක ශෝක කාලයක්

හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ මරණය තහවුරු වීමත් සමඟ ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි මෙම දින පහක ශෝක කාලය ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊයේ අනාවරණය වුණා.

ඊශ්‍රායලය විසින් ඝාතනය කරනු ඇතැයි යන බිය නිසා වසර ගණනාවක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි නස්රාල්ලා, මැද පෙරදිග වඩාත් ප්‍රසිද්ධ හා වඩාත්ම බලගතු චරිතයක් වී සිටියා.

හිස්බුල්ලා නායකගේ මරණයන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ නස්රල්ලාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් බවයි.

එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා සිටියේ නස්රල්ලාගේ මරණය “ඔහුගේ බොහෝ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමේ පියවරක්” වනු ඇති බවයි.

එමන්ම ජෝ බයිඩන් ඊශ්‍රායලයෙන් සහ හිස්බුල්ලා සංවිධානයෙන් නැවතත් සටන් විරාමයක් ඉල්ලා සිටියා.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?