AFC Banner
Empty Ad
Empty Ad

රෝගීව සිටි වනඅලියෙකුට ප්‍රථිකාර

අනුරාධපුර, හිගුරුවාගම වැව් රක්ෂිතයේ අසාධ්‍ය තත්ත්වයක සිටින වන අලියකුට ප්‍රථිකාර සිදුකර තිබෙනවා.

වයස අවුරුදු 20-25 ත් අතර වූ එම වනඅලියා ඇවිදීමේ අපහසුතාවයකින් හිගුරුවාගම වැව ආසන්නයේ රැදී සිට තිබුණා.

පසුව ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව තලාව වනජීවි නිලධාරීන් වනඅලියා සොයා අනුරාධපුර, පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය කාර්යාලය දැනුවත් කර තිබෙනවා.

අනුරාධපුර වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති හා වනජීවි පශුවෛද්‍ය නිලධාරීන් එක්ව වනඅලියා රක්ෂිතය තුළ නිර්වින්දනය ක‍ර ප්‍රතිකාර සිදුකෙරුණා.

එම රක්ෂිතය තුළ වෙනත් වනඅලි රංචුවක් ගැවසීම හේතුවෙන් ප්‍රථිකාර සිදුකිරීමෙදී මහත් පරිශ්‍රමයක් දැරීමට නිළදාරී කණ්ඩායමට සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?