දකුණු අප්‍රිකාවේ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 17ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 17ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ දුර බැහැර නගරයක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අපරාධකරුවා සොයා මෙහෙයුම් දියත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

නැගෙනහිර කේප් හි ලුසිකිසිකි නගරයේ ගෙවතු දෙකක් ඉලක්ක කර ඇති අතර, එක් ස්ථානයක කාන්තාවන් 12ක් සහ එක් පිරිමියෙකු ද දෙවන ස්ථානයේ කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමියෙකු ද මියගොස් ඇති බව එරට පොලිසිය පවසනවා.

තුවාල ලැබූ පුද්ගලයින් අතුරින් එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි දකුනු අප්‍රිකානු පොලිසිය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !