මහ පාරක් අයිනේ පුද්ගලයෙක් ගෙළ වැළලාගෙන මිය ගිහින්

කලවාන – රත්නපුර මාර්ගයේ උඩපෑබොටුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල තේ වත්තක ගෙළ වැළලාගෙන පුද්ගලයෙක් මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

දෙල්වල පොලිසිය පැවසුවේ අද (28) දහවල් මෙම පුද්ගල මළ සිරුර සොයාගත් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.

මෙම පුද්ගලයා සිල්ලර භාණ්ඩ වෙළෙඳසැල් වෙත ප්‍රවාහනය කිරීම රැකියාව ලෙස සිදුකරගෙන ගොස් ඇති අතර, භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථය මාර්ගය අසල නවතා මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මිය ගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවයි දෙල්වල පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්