ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනය ගාසා තීරයක් වෙයි

පසුගිය සඳුදා සිට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර වලින් ලෙබනනයේ 800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාමයක් සඳහා කළ ගෝලීය ඉල්ලීම් ඉවත දැමීමෙන් පසු ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, බේරූට්හි දැවැන්ත පිපිරීම් මාලාවක් ද සිදුව තිබෙනවා.

ප්‍රහාරවලින් අවතැන් වූ ලෙබනනයේ සිවිල්වැසියන් නගර මධ්‍යයේ වීදිවල රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මේ අතර හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඉලක්ක කරගනිමින් සිකුරාදා බේරූට් හි ස්ථාන කිහිපයකටම ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙනවා.

බේරූට් නගරයේ දකුනු කොටසේ හිස්බුල්ලා බලකොටුව වන දාහි හි ගොඩනැගිලි කිහිපයකට මෙම ප්‍රහාර එල්ලකර ඇති බව සදහන්.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දේශනයකදී “හිස්බුල්ලා පරාජය කරන බවට” ප්‍රතිඥා දීමෙන් ටික කලකට පසුවයි.

නෙතන්යාහු එහිදී පැවසුවේ අවතැන් වූ ඊශ්‍රායල ජාතිකයන් 70,000ක් පමණ උතුරු ඊශ්‍රායලයේ පිහිටි ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි.

මේ අතර හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ඇති සම්පූර්ණ හැකියාව තවමත් දැක නොමැති බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14