මංගල සමරවීරගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසින් පිස්තෝලයක් හමුවෙයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසේ තිබූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (25) මාතර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

සැකකාර පුද්ගලික ආරක්ෂකයා මීට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට අනුයුක්තව සිට ඇති අතර 2002 වසරෙන් පසු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන පුද්ගලික ආරක්ෂකයකු ලෙස මංගල සමරවීර මහතා සමග කටයුතු කර තිබෙනවා.

අදාළ ආරක්ෂක අංශ නිලධාරියා මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් භාවිතා කළ බවට සැලකෙන ගිනි අවියක් ඔහුගේ නිවසේ ඇති බවට පොලිසියට ලද තොරතුරු අනුව මෙම විමර්ශනය සිදු කෙරුණා.

එම ස්ථානයේ තිබී මිලිමීටර් නවය වර්ගයෙන් පිස්තෝලයක්, ඒ සඳහා යොදන ජීව උණ්ඩ 12ක් සහ මැගසිනයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08