චන්දිගෙන් කිවියන්ට එරෙහිව පළමු වරට ප්‍රවේසම්කාරී ශතකයක් – ගාල්ලේ වැඩිම ටෙස්ට් ශතකලාභීන් අතරත් ඉහළට (ඡායාරූප)

දිනේෂ් චන්දිමාල් සිය ජාත්‍යන්තර 16 වැනි ටෙස්ට් ශතකය මීට ටික වේලාවකට පෙර (26) ලබා ගැනීමට සමත් වුණා.

ඒ මේ වනවිට නවසීලන්තයට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන අවසන් හා දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින්.

දිනේෂ් චන්දිමාල්ගේ ටෙස්ට් ශතකයට දැවැන්ත හතරේ පහර 13ක් ද ඇතුළත්.

අද පෙරවරුවේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර නායක ධනංජය ද සිල්වා තීරණය කළේ පළමු ව ලකුණු රැස් කිරීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්නයි.

මෙම තරගයේදීත් පිත්තෙන් සාර්ථක වීමට නොහැකි වූ පැතුම් නිස්සංක ලකුණක් ලබා සිටියදී යළිත් ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයෙකු බවට පත් කරන්නට නවසීලන්තයේ නායක ටිම් සවුති සමත් වුණා.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ලට පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සමගින් එක් වූ චන්දි අගනා ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණු අතර ලකුණු 46ක් ලබා සිටි දිමුත් දුවද්දී දැවී යාමකට හසුවුණේ අවාසනාවන්ත ලෙසින්.

කෙසේවෙතත් තම අන්තය සුරැකිව තබා ගත් දිනේෂ් චන්දිමාල් මැතිව්ස් සමගින් එක් ව ප්‍රවේසම්කාරී පිතිකරණයක නිරත වෙමින් මෙම ශතකය ලබා ගත්තා.

මේ අතර චන්දි අද ලබාගත් ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ගාල්ල ක්‍රීඩාංගණයේ දී ශතකයක් ලබාගත් වැඩිපුරම වාර ගණනේ වාර්තා ලැයිස්තුවේ ද හෙතෙම තෙවැනි ස්ථානයට පැමිණියා.

ඒ මෙම ක්‍රීඩා පිටියේ දී ශතක 06ක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඊට චන්දිමාල්ට ඉනිම් 38ක් වැය වී තිබෙනවා.

එහි පළමු තැන රැඳී සිටින්නේ ඉනිම් 37ක දී ශතක 07ක් රැස් කළ මහේල ජයවර්ධනයි.

දෙවැනි තැන කුමාර් සංගක්කාර හට හිමි ව තිබෙනවා.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් නවසීලන්තයට එරෙහිව ශතකයක් ලැබූ පළමු අවස්ථාව ද මෙය වනවා.

තුන්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින මැතිව්ස් නොදැවී ලකුණු 32ක් ලබා සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 02ක් දැවී ලකුණු 184ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂ දඩයමක් මේ පටන්අරන් තියෙන්නේ
06:39
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි
00:46
Video thumbnail
රාජපක්ෂලා කරපු වැරදිවලට අද ආණ්ඩුවේ ඉන්න අයත් කොටස්කාරයෝ
01:21
Video thumbnail
අවු:7ක් මට මේක තහනම් කලාපයක් වෙලා තිබ්බේ..හිටපු විගණකාධිපති සැරටම කිව්ව දේ
09:09
Video thumbnail
කාදිනල් හිමිගෙන් සැර කතාවක්..සල්ලිකාරයොන්ට වෙනම නීතියක් බෑ..මුතුරාජවෙලට අත තියන්න හිතන්නවත් එපා
08:51
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22


?