සමගි වනිතා ජාත්‍යන්තර සංවිධායිකා එම තනතුරෙන් ඉල්ලා අස්වෙයි (ඡායාරූප)

සමගි වනිතා ජාත්‍යන්තර සංවිධායිකා මාධ්‍යවේදිනී සුරංගී කොඩිතුවක්කු මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.

එම තනතුර තමන් හට ලබාදීම සම්බන්ධයෙන් තමන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් වෙත තම ස්තූතිය පිරිනමන බව එම ලිපියේ සඳහන් කර තිබුණා.

බොහෝ දෙනෙක් විසින් තමන් හට නින්දා අපහාස කළද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හට තමන් සේවය කරන ලද්දේ, එම පක්ෂයේ දැක්ම, ප්‍රතිපත්ති සහ විපක්ෂ නායකයෙකු ලෙස ඔහු කළ සේවාවන් පිළිබඳව ගොඩනැගුණු විශ්වාසය මත බවයි ඇය එම ලිපියේ සඳහන් කර තිබුණේ.

නමුත් එහිදී පක්ෂය කෙරෙහි තිබූ ඇයගේ විශ්වාසය කඩවීම සහ ජනතාව ඉල්ලන සැබෑ ක්‍රම වෙනස ප්‍රායෝගිකව ඒ තුළ නොමැති වීම හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉල්ල අස්වන බවයි සුරංගී කොඩිතුවක්කු මහත්මිය එම ලිපියේ දන්වා තිබුණේ.

එමෙන්ම බහුතර ජනතාවක් ප්‍රතික්ෂේප කරන පිරිසක් සමගම නැවත බලය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස උත්සාහ දැරීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

මෙම තීරණය මා ස්ව කැමෙත්තෙන් ගත් බවත් තනතුරු පසෙකලා රටට හිතැති ඕනෑම වැඩකටයුත්තක් වෙනුවෙන් නොපැකිළව පෙනී සිටින බවත් ඇය එම ලිපියේ වැඩිදුරටත් සඳහන්කර තිබුණා.

WhatsApp Image 2024 09 26 at 13.04.51
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
109
+1
11
+1
6
+1
7
+1
9
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12