AFC Banner
Empty Ad
Empty Ad

සමගි වනිතා ජාත්‍යන්තර සංවිධායිකා එම තනතුරෙන් ඉල්ලා අස්වෙයි (ඡායාරූප)

සමගි වනිතා ජාත්‍යන්තර සංවිධායිකා මාධ්‍යවේදිනී සුරංගී කොඩිතුවක්කු මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.

එම තනතුර තමන් හට ලබාදීම සම්බන්ධයෙන් තමන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් වෙත තම ස්තූතිය පිරිනමන බව එම ලිපියේ සඳහන් කර තිබුණා.

බොහෝ දෙනෙක් විසින් තමන් හට නින්දා අපහාස කළද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හට තමන් සේවය කරන ලද්දේ, එම පක්ෂයේ දැක්ම, ප්‍රතිපත්ති සහ විපක්ෂ නායකයෙකු ලෙස ඔහු කළ සේවාවන් පිළිබඳව ගොඩනැගුණු විශ්වාසය මත බවයි ඇය එම ලිපියේ සඳහන් කර තිබුණේ.

නමුත් එහිදී පක්ෂය කෙරෙහි තිබූ ඇයගේ විශ්වාසය කඩවීම සහ ජනතාව ඉල්ලන සැබෑ ක්‍රම වෙනස ප්‍රායෝගිකව ඒ තුළ නොමැති වීම හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉල්ල අස්වන බවයි සුරංගී කොඩිතුවක්කු මහත්මිය එම ලිපියේ දන්වා තිබුණේ.

එමෙන්ම බහුතර ජනතාවක් ප්‍රතික්ෂේප කරන පිරිසක් සමගම නැවත බලය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස උත්සාහ දැරීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

මෙම තීරණය මා ස්ව කැමෙත්තෙන් ගත් බවත් තනතුරු පසෙකලා රටට හිතැති ඕනෑම වැඩකටයුත්තක් වෙනුවෙන් නොපැකිළව පෙනී සිටින බවත් ඇය එම ලිපියේ වැඩිදුරටත් සඳහන්කර තිබුණා.

WhatsApp Image 2024 09 26 at 13.04.51
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
54
+1
5
+1
4
+1
3
+1
5
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?