AFC Banner
Empty Ad
Empty Ad

36 හැවිරිදි පුද්ගලයෙකුට මරු කැඳවූ රිය අනතුර

යාපනය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඔහු ගමන්ගත් යතුරුපැදිය වෑන් රියක ගැටීමෙන් මෙම මරණය සිදු ව ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ 36 හැවිරිදි යාපනය – පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචි ඉලක්ෂ්මිකාන්තන් ධමන්ජයන් නමැති 36 හැවිරිදි අයෙක්.

යාපනය පන්නෙයි ප්‍රදේශයේදියි මෙම අනතුර සිදු ව ඇත්තේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත් වූ බව පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?