බාලවයස්කාර දැරිවියක් සමග අඹු – සැමි සබඳතා පැවැත්වූ තරුණයෙකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරිවියක් සමග අඹු – සැමි සබඳතා පැවැත්වූ කියන 20 හැවිරිදි තරුණයෙකුව කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර තරුණයා විසින් වයස අවුරුදු 15කුත් මාස 08ක් වියැති පාසල් සිසුවියක් සමග සබඳතා පවත්වා ඇති අතර; ඔහු විසින් ඇයව ලිංගික අතවරයට පත් කර ඇති බවට දැරියගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර තරුණයා කල්පිටිය – කන්දකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වින්දිතකාරිණිය එම ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් බව ද හෙළි ව තිබෙනවා.

ඇය ව පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරුණු පසු ලද වාර්තාවට අනුව සඳහන් කර ඇත්තේ ඇයව අදාළ සැකකාර තරුණයා විසින් ලිංගික අතවරයට ලක් කර ඇති බවටයි.

එම වෛද්‍ය වාර්තාව අනුව පොලිසිය වින්දිත පාර්ශ්වය කැඳවා යළි ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් තමන් සැකකාර තරුණයා සමග ප්‍රේම සබඳතාවක් තිබූ බවත්; පසුගිය වසරේ ජූනි මාසයේ දී පළමු වරට ඇය ඔහු සමග අඹු – සැමි සබඳතා ආරම්භ කළ බව ද පවසා තිබෙනවා.

ඉන් අනතුරුව ද ඔහු සමග ඔහුගේ නිවසේ දී වරින්වර අඹු – සැමි ඇසුරක් පවත්වමින් කටයුතු කළ බවයි වින්දිත පාර්ශ්වය පොලිසියට ලබාදුන් කට උත්තරයේ සටහන් වන බවට අප ප්‍රාදේශීය වාර්තාකරු කියා ඇත්තේ.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21