IMF වෙතින් අනුරට සුබ පැතුම් – එක්ව වැඩ කරන බවටත් පොරොන්දුවක් (නිවේදනය)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; ජනාධිපතිවරයාගේ නව සම්ප්‍රාප්තිය සහ ජයග්‍රහණය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය විසින් මෙලෙස සුබ පැතුම් එක් කරන ලද බවයි.

ශ්‍රී ලංකාව සමග තවදුරටත් අඛණ්ඩව කැප වී කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත් දෙපාර්ශ්වය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වන වාසිදායක සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය එහි සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18