AFC Banner
Empty Ad
Empty Ad

IMF වෙතින් අනුරට සුබ පැතුම් – එක්ව වැඩ කරන බවටත් පොරොන්දුවක් (නිවේදනය)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; ජනාධිපතිවරයාගේ නව සම්ප්‍රාප්තිය සහ ජයග්‍රහණය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය විසින් මෙලෙස සුබ පැතුම් එක් කරන ලද බවයි.

ශ්‍රී ලංකාව සමග තවදුරටත් අඛණ්ඩව කැප වී කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත් දෙපාර්ශ්වය අතර පවතින අන්‍යෝන්‍ය වශයෙන් වන වාසිදායක සබඳතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය එහි සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?