හමාස් සංවිධානයේ ගාසා හි ප්‍රධානියා ඇත්තටම මිය ගියා දැයි සැකයක්

හමාස් සංවිධානයේ ගාසා තීරයේ නායකත්වය ගෙන කටයුතු කළ යාහියා සින්වාර් (Yahya Sinwar) අතුරුදන් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් ඇතැයි සැක පළ කරන බවටයි.

මෙම අතුරුදන් වූ නායකයා සොයා ඊශ්‍රායලය ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

නායක යාහියා සින්වාර් දිගු කලෙක සිට ප්‍රතිවාදීන්ගෙන් සැඟව සිටි බවටයි පැවසෙන්නේ.

ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ මාධ්‍ය විකාශකයෙකු වන Kan, Haaretz, Maariv සහ Walla වැනි ප්‍රවෘත්ති ආයතන සහ IDF හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ ඊශ්‍රායලය මෑතකදී ගාසා වෙත එල්ල කළ දරුණු ප්‍රහාරවලින් සින්වාර් මිය යෑමේ ඉඩකඩ වැඩි බවයි.

නමුත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවට ෂින් බෙට් ඒජන්සිය විශ්වාස කරන බව ද එක් පාර්ශ්වයකින් වාර්තා වනවා.

ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායලයට අනුව, හමාස්ගේ ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ උමං මාර්ගවල සැඟවී සිටින හමාස් ප්‍රධානියා සටන් විරාම සාකච්ඡාවලට අදාළ පණිවිඩ යැවීම නතර කර ඇති බව ද වාර්තා වනවා.

මේ හේතුවෙන් හෙතෙම මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය සැක පළ කරනවා.

මූලාශ්‍ර උපුටා දක්වමින් Haaretz වාර්තා කළේ, සින්වාර් සැඟවී සිටින බවට සිතන ප්‍රදේශවල උමං මාර්ගවලට ඊශ්‍රායලය බෝම්බ හෙලූ නමුත් ඔහුට හානියක් හෝ මරණයක් සිදු වූ බවට නිශ්චිත සාක්ෂියක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?