කේරි ගොඩනැගූ ශක්තිමත් ඉනිමෙන් එංගලන්තයට ලකුණු 304ක ඉලක්කයක් හිමිවෙයි

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමෙන් එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් මීට ටික වේලාවකට පෙර (24) හිමි වුණා.

ඒ අද චෙස්ටර් – ලී – ස්ට්‍රීට් හි දී දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීයි.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත නායක හැරී බෘක් පළමු ව පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා.

එහිදී ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 304ක් රැස් කරගැනීමට සමත් වුණා.

ඔස්ට්‍රෙලියානු ලකුණු පුවරුව යම් අර්බුදකාරී තත්ත්වයකට ඇදවැටෙද්දී ම පිතිකරණයේ වගකීම කරට ගත් ස්ටීවන් ස්මිත් පන්දු 82ක දී ලකුණු 60ක් රැස් කරගනිමින් සෙසු පිතිකරුවන්ට ශක්තිමත් උත්තේජනයක් ලබා දුන්නා.

ඉන් අනතුරුව ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 77ක් රැස් කළ අතර Aaron Hardie ගෙන් පන්දු 26ක දී වේගවත් ලකුණු 46ක් කණ්ඩායමේ ලකුණු පුවරුවට එක් වුණා.

කැමරන් ග්‍රීන් ලකුණු 42ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 30ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ජොෆ්‍රා ආර්චර් කඩුලු 02ක් ද එක් කඩුල්ල බැගින් Brydon Carse, Jacob Bethell, Will Jacks සහ Liam Livingstone අතරේ බෙදී ගියා.

ඒ අනුව අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම තීරණාත්මක වන අතර එංගලන්තයට එය අතිශය තීරණාත්මක වනු ඇති.

ඒ මේ වනවිටත් තරගාවලියේ පළමු තරග දෙකෙහි ම ජය කැන්ගරුවන් සතු වීම හේතුවෙන්.


ශ්‍රී ලංකාවට එරෙහිව ලබන වසරේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ලෝඩ්ස් ටෙස්ට් තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවට එරෙහිව මෙම ග්‍රීෂ්ම ඍතුවේ පැවැත්වෙන ටෙස්ට් තරගයට ඇතුළත් වීමේ පිරිවැය සම්බන්ධයෙන් Marylebone ක්‍රිකට් සමාජය දැඩි විවේචනයට ලක්ව ඇත.

ලබන වසරේ ජූලි 10 වැනිදා ආරම්භ වන ඉන්දියා ටෙස්ට් තරගයේ පළමු දින තුන සඳහා පිරිනැමෙන ලාභම වැඩිහිටි ටිකට්පත් පවුම් 90 බැගින් (වයස අවුරුදු 16ට අඩු අය සඳහා පවුම් 20ක්) සීමා කළ දර්ශන ආසන වේ. පැහැදිලි දෘෂ්ටි රේඛාවක් ඇති අයගේ මිල පවුම් 120-£175 (වයස අවුරුදු 16ට අඩු අය සඳහා පවුම් 40-£50) අතර වේ.

මෙම මිල ගණන් ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය මාසයේ පැවති ටෙස්ට් තරගය සමඟ අවාසිදායක ලෙස සංසන්දනය කරයි, ඒ සඳහා සීමා රහිත නැරඹුම් පිරිවැය වැඩිහිටියන් සඳහා £115-£140 සහ සහන සඳහා £15-£40 පරාසයක පවතී.

එම ශ්‍රී ලංකා තරඟය සිව්වන දින අවසන් වූ අතර, ඒ සඳහා ප්‍රවේශපත්‍ර 9,000ක් (ආසන්න වශයෙන් තුනෙන් එකක ධාරිතාවක්) අලෙවි විය. මෙය අර්ධ වශයෙන්, ටෙස්ට් ක්‍රිකට් සඳහා එංගලන්තයේ වත්මන් වේගවත් ප්‍රවේශය පිළිබිඹු කිරීමකි, මෑත තරඟ කිහිපයක් අවසන් දිනයට පෙර අවසන් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39