AFC Banner
Empty Ad
Empty Ad

5 ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිට කරපු අධ්‍යක්ෂවරයා එළඹෙන 07 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)

මෙවර 2024 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකාර අධ්‍යක්ෂවරයා ඔක්තෝම්බර් මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කඩුවෙලා මහේස්ත්‍රාත් චාණිමා විජයබණ්ඩාර මහත්මිය අද (23) නියෝග කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

මෙලෙස බන්ධනාගාරගත කරන ලද්දේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙයුම් හා සැලසුම් අධ්‍යක්ෂවරයකු වන අයි.ජී. සුනිල් ප්‍රේමතිලක නමැති 57 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?