Empty Ad
AFC Banner
Empty Ad

අනුර දිවුරුම් දෙන මොහොතේ දිවයිනේ ම කිරිබත් පිසෙයි – රුක් රෝපණය කිරීමේ වැඩසටහනකුත්

නව විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමත් සමග දිවයින පුරා එම ජයග්‍රහණය ජනතාව සතුටින් යුතුව සමරන ආකාරය දක්නට ලැබුණා.

බොහෝ ප්‍රදේශවල එම සතුට සැමරීමට කිරිබත්, කැවුම් පිළියෙල වුණු අතර; තවත් ප්‍රදේශවලින් විවිධ වැඩසටහන් ද සංවිධානය කර තිබුණේ සාමකාමී අයුරින් බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.

විධායක ජනාධිපති වශයෙන් අද (23) පෙරවරු 10ට අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමත් සමගම කළුතර වස්කඩුව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායක අරුණ ප්‍රසාද්ගේ නිවසේ එම සතුට සැමරීම සඳහා පාක්ෂිකයින් සහ ගම්වාසීන් විශාල ප්‍රමාණයක් එක්ව සිටින අයුරු දැකගන්නට ලැබුණා.

අනුර කුමාර දිසානායක මහතා ජාතිය ඇමතීමෙන් අනතුරුව රතිඤ්ඤා දල්වා කිරිබත් අනුභව කිරීමටයි එම කළුතර ගම්වැසියන් කටයුතු කළේ.

එමෙන්ම මේ ආකාරයෙන් මාර්ග දෙපසවල ද කිරිබත් පිසීමේ කටයුතු සිදු කෙරී තිබෙනවා.

ඒ අතර අනුරාධපුරය, නාවලපිටිය, පොළොන්නරුව ප්‍රධානයි.

නව ජනපති දිවුරුම් දුන් සුබ මොහොතේ මෙම ප්‍රදේශවල ජනතාව කිරි උතුරුවා සෙත් පිරිත් දේශනා කිරීමට ද භික්ෂූන් වහන්සේලා කැඳවා තිබුණා.

නව ජනාධිපතිවරයා පත් වීම නිමිත්තෙන් කඩුගන්නාව – ලගමුව ප්‍රදේශයේ ගම්වාසීන් විසින් ද සංඝයා වහන්සේලා වැඩම කරවා විශේෂ පිංකමක් සංවිධානය කර තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතර ව හන්තාන අඩවියේ ඔගස්ටා වත්ත ග්‍රාමීය ජනතාව නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන මොහොතේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද පැවැත්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49

?