AFC Banner
Empty Ad
Empty Ad

දිල්ලි නගරය ලොක්ඩවුන් කරයි

කොවිඩ් ආසාදිතයින් විශාල වශයෙන් හමුවීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරය සතියක කාලයකට වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, රජයේ කාර්යාල, රෝහල්, ඖෂධ අලෙවිසල් සහ කඩ සාප්පු ආදී අත්‍යවශ්‍ය ආයතන ලොක්ඩවුන් කාල සීමාවේ විවෘතව තැබෙනු ඇති බව වාර්තා වේ.

පසුගිය සති අන්තයේදී දිල්ලි නගරය තුළ ඇඳිරිනීතිය පනවා තිබුණු අතර එහෙත් ඊයේ (18) එම නගරයෙන් ආසාදිතයින් 24,462ක් වාර්තා වුණි.

රෝහල් රෝගීන්ගෙන් පිරී තිබෙන හෙයින් එක් ඇඳක රෝගීන් දෙදෙනා බැගින් තැබීමට ද පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?