අනුරට අමෙරිකාවෙන් සුබ පැතුම්

ජනාධිපතිවරණයෙන් ජයගෙන මෙරට 09වන විධායක ජනපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට සුබ පතමින් අමෙරිකානු තානාපතිනී ජුලී චංග් X පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාමකාමීව ක්‍රියාත්මක කිරීම ගැන අපි ශ්‍රී ලාංකික ජනතාවටද සුබ පතන බවද එම පණිවිඩියේ සඳහන්.