ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත්වෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස 2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් තරග කළ අනුර කුමාර දිසානායක මහතා අද (22) තේරී පත්ව තිබෙනවා.

ඒ, 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඊයේ (21) පැවති මැතිවරණයේ දී ඡන්ද 5,740,179ක් ලබාගනිමින්.

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමට අපේක්ෂකයින් 38 දෙනෙකු තරග කළ අතර, එහිදී ඔහුට ප්‍රබල අභියෝගයක් ලබාදෙමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,530.902ක් ලබාගනිමින් දෙවන තැනට පත් වුණා.

මේ අතර මැතිවරණය අවසන් වූ බවට දැනුම්දීම සහ ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බවට වන දැනුම්දීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවේ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

මෙම අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපති ලෙස අද දිනයේ තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපතිවරණය සදහා තරග කළ අනෙකුත් අපේක්ෂකයින් පැමිණ සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38