ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය 09 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ ජාතික ජන බලවේගය පක්ෂයේ අනුර කුමාර දිසානායක මහතා වෙත සෙනෙහසින් යුතුව පිරිනමන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නිවේදනයේ දක්වා ඇත්තේ;
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” යනුවෙන්.
ඊයේ (21) පැවති ජනාධිපතිවරණයේ දී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන බවත් තමන්ට සහාය දුන් – නොදුන් සියලුම දෙනාට ස්තුතිවන්ත වන බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාලමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවා!’ යි තමන් ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් පවසා සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ කතාව පහතින්:
“ආයුබෝවන්
ආදරණීය පුරවැසියනි,
සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කළ යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කළ යුතුයි.
මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණ, ඉතාමත්ම අර්බුදකාරී වාතාවරණයක දී මම මේ රට භාර ගත්තා.
ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබූ අවස්ථාවක තමයි මම ඒ වගකීම භාරගත්තේ. ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ට කළා.
වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න මට හැකියාව ලැබුණා. මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්යභාරය එය කියලයි මම විශ්වාස කරන්නේ.
මම රට භාරගන්නා අවස්ථාවේදී 70%ක් ව පැවති උද්ධමනය 0.5%ක් දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා. අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ව පැවති මෙරට විදේශ සංචිතය අමෙරිකන් ඩොලර් බිලියන 5.7ක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා.
ඒ වගේම ඩොලරයට සාපේක්ෂව 380ක් ව පැවති රුපියලේ අගය රුපියල් 300ක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට ගෙන ඒමට මට හැකිවුණා.
එසේම -7.3% පැවති ආර්ථික වර්ධනය 2.3%ක් දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කළා. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා.
මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතාම අභියෝගාත්මක වැල් පාලමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරීම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා.
වැල් පාලමේ අවසානය පෙනි පෙනී ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට භාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා.
ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදරය කරන ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත භාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවාටත් වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට ඔබට හැකියාව ලැබේවා! යි මම ප්‍රාර්ථනා කරනවා.
බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, මේ රටේ ජනතාවට මගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේ දී කිසිදු පැකිලීමකින් තොරව මා ඉටුකරනවා.
මගේ පාලන කාලය තුළ දී ඒ සඳහා සහාය දුන් නොදුන් සියලුම දෙනාටත්, මේ රටේ සියලුම පුරවැසියන්ටත් ස්තුතියි ! යනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ නිවේදනයෙන් නව ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.














Respect sir!ඇත්තටම ඔබ කල සේවයට හදවතින්ම ස්තූතියි.
සුභ ගමන් ජනාධිපති තුමනි! ඔබෙ වටිනාකම අනගතයෙදි අපිට වඇටහෙඉ…………..එතකොට පෙරහර ගොස් අවසන්………..දුකයි.🥲🥲
I”m respect sir, very good job sir
Thanks so much sir…….!!!!
Respect sir🤝❤️.
Respect sir.
Our people couldn’t identify yourself well. So unfortunate.
මෙ ස්ර්රි ලන්කා දරුවා wel palame එක්ක යන්නතරම් බන්කොලොත් කරෙ තොපිම තමා.ඹ්.ඍඅට්න
මෙහිදී බොහෝ වෙලාවට අමතක කිරීමට උත්සහ දරන මාතෘකාව තමයි රට බංකොලොත් බව ප්‍රකාශ වීමත් සමඟ ණය වාරික ගෙවීම් අත් හිටවීමක් සිදුවූවිට නිරායාසයෙන්ම රටේ විදෙස් සංචිත මදින් මද වැඩිවීමට පටන් ගැණීම.එය රනිල් නොවසිරිසේන හිටියත් සිදුවෙනවා.දෙවන කරූණ ආනයනය සීමාකර අත්‍යවශ්‍ය ආනයන පමණක් කිරීම තුලින් එය තව තවත් වැඩිවේ.රනිල් ඇවිත් කලේ අරගලය නවතාලීමක් පමණි.එහි ප්‍රති ථලය අද මැතිවරණය මගින් ලැබී ඇත.