AFC Banner
Empty Ad
Empty Ad

පළමු ගණන් කිරීමෙන් අනුර එකට – දෙවන මනාපය ගණන් කිරීමත් ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේ දී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක හිමිකරගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

එම ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් බවයි කොමසාරිස්වරයා පැවසුවේ.

ජනාධිපතිවරණයේ දෙවන වැඩිම ඡන්ද සංඛ්‍යාවක් සමඟි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් හිමිකරගෙන ඇති අතර,එම ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම තෙවැනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ හිමිකරගෙන ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 2,299,767ල ක් ලෙසයි.

සිව්වැනියට වැඩිම වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂයි.

ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 13,869ක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

මේ ආතර පළමු වටයේ ඡන්දය ගණන් කිරීමට අනුව කිසිඳු අපේක්ෂකයෙක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොතිබීම හේතුවෙන් දෙවෙනි මනාපය ගණන් කිරීමට තීරණය කර ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?