ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කෙරේ – දේශපාලන ප්‍රභූන් රැසක් රටින් පනියි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ අද (21) පස්වරු 06.00 සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා දැඩි ලෙස ආරක්ෂාව තරකර තිබෙන බවට තොරතුරු වාර්තාවනවා.

අප දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; එම තත්ත්වය පසුගිය අරගලය පැවති සමයේ සාමාන්‍ය වැසියන් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ රැස් වී ගුවන් තොටුපොළ ඔස්සේ පිටව යාමට පැමිණෙන දේශපාලන ප්‍රභූවරුන් පිළිබඳ සොයා බැලීමට කටයුතු කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව රැස් කර තිබූ ආකාරය සිහිපත් කළ බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට මෙරට දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබෙන බව ද තොරතුරු වාර්තාවනවා.

ඒ අනුව ඊයේ (21) දින සවස 02.25 ට හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

එදින රාත්‍රී 11.15 ට හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22) අලුයම 12.50 ට හොංකොං බලා කැතේ පැසිෆික් ගුවන් සේවයේ සී.එක්ස්.- 610 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ අද අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති බව ද අප දසත ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.

කටුනායක ගුවන් තොටුපොළ සිට අමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ අමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
15
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?