ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු අවසන් – ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)

2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු 4.00ට අවසන් වුණා.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වූ අතර, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහජනතාව අතර දැඩි උනන්දුවක් පැවති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ වනවිටත් ඡන්ද මධස්ථානවල ඇති ඡන්ද පෙට්ටි සහ තැපැල් ඡන්ද පෙට්ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු අරඹා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8.00ත් 9.00ත් අතර කාලයේ දී ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

අද (21) පැවති ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12.00ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කළේ සමස්ථයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සාමකාමීව පැවැත්වුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23