මැති ඇමතිවරුන් උදෑසනම ඡන්ද පොළට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අනුරාධපුර ජනාධිපති විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (21) උදෑසන ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

සිය පවුලේ පිරිස හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක සමගින් ඔහු ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියා.

එමෙන්ම අමාත්‍ය ටිරාන් අලස් බොරැල්ලේ දී මීට සුළු වේලාවකට පෙර සිය ඡන්දය ප්‍රකාශ කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සිය ඡන්දය ප්‍රකාශ කිරීම පොළොන්නරුව මොනරතැන්න ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී අද (21) උදෑසන සිදු කෙරුණා.