AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල සොල්දාදුවන් ම්ලේඡ්ච වෙයි

ඊශ්‍රායල හමුදා විසින් කබාටියා නගරයේ සිදුකළ ප්‍රහාරයකදී පලස්තීනුවන් හත් දෙනෙකු පමණ මරා දමා තිබෙනවා.

සොල්දාදුවන් විසින් මාරාන්තික ප්‍රහාරයකින් අනතුරුව සිරුරු වහලයෙන් ඉවතට තල්ලු කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

එම ප්‍රහාර ඉතාමත් ප්‍රබල ලෙස එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

පලස්තීන විදේශ කටයුතු අමාත්‍යාංශය X සටහනක් නිකුත් කරමින් කියා සිටින්නේ එම අපරාධය ඊශ්‍රායල හමුදාවේ ම්ලේඡ්චත්වය හෙළිදරව් කරන බවයි.

එහිදී එය අතිශයින්ම ම්ලේඡ්ච හා අමානුෂික හැසිරීමක් බව පලස්තීන ජාතික මුලපිරීමේ මහලේකම් මුස්තාෆා බර්ගූටි ද අල් ජසීරා වෙත ප්‍රකාශ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?