AFC Banner
Empty Ad
Empty Ad

පැලට ගිය තරුණයා නොඑන ගමන් ගිහිං

හේනේ පැල් රැකීමට ගිය තරුණයෙකුට වන අලියෙකු විසින් එල්ල කරන ලද පහරදීමක් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ මෙම පහරදීම සිදු ව ඇති බවත් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් ව ඇති බවත් දසත වාර්තාකරු පැවසුවා.

තම නිවසේ සිට පැල් රැකීම සඳහා හේනට යමින් සිටි අතරවාරයේදීයි මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සිවලාකුලම ප්‍රදේශයේ පදිංචි ව සිටි සිරන්ත ප්‍රභාත් රාජපක්ෂ නමැති 32 හැවිරිදි අවිවාහක තරුණයෙකු මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

යාබද හේනේ තනා ඇති පැලේ යහලුවකු ද සමග තම යතුරුපැදියෙන් හේන වෙත යමින් සිට ඇති මරණකරු සිය යහළුවා ඔහුගේ පැලට දමා නැවත ගමන් කරමින් සිටියදියි වනඅලි පහරදීමට ලක් ව ඇත්තේ.

පයිරමඩුව රෝහල වෙත මරණකරු ඇතුළත් කළ ද ඒ අවස්ථාවේදී හෙතෙම මියගොස් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.


කොළඹ දිස්ත්‍රික්කයේ 17 ලක්ෂ 65351ක් ඡන්ද දායකයන් සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද ස්ථානාධිපතිවරුන් ඡන්ද පත්‍රිකා පිටත් කිරීම මේ වන විට අවසන් වී තිබෙනවා

ඡන්ද මධ්‍යස්ථාන 1204 ක්
නිලධාරීන් 20000 ක්
යොදවා තිබෙනවා
පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් යොදවා තිබෙනවා

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 25 ක් කොළඹ රාජකීය විද්‍යාලයේ පවත්වාගෙන යනවා

සමස්ත ගණන් කිරීමේ ශාලා ඩීස් සේනානායක විද්‍යාලය සහ රාජකීය විද්‍යාලයේ 140 ක් පවත්වාගෙන යනවා
ඒ කටයුතුව නිලධාරීන් යොමු කර අවසන්

හෙට පස්වරු 4.30 ට පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම පටන් ගැනීමට හැකියාව තිබෙනවා

පස්වරු 06.00 ට පමණ අනෙකුත් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම කිරීමට හැකියාව තිබෙනවා

ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඡන්දය භාවිතා කිරීමෙන් පසු පාරවල්වල ඉන්නැතුව නිවෙස් වලට වෙලා ඉන්න කියලා
සිද්ධිය සම්බන්ධයෙන් සිවලාකුලම පොලීය මගින් පරීක්ෂණ සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?