මැතිවරණ විශේෂ බස් රථ සේවාව අද රෑ 12 දක්වා – හෙට දිනයේත් බස් රථ ධාවනයට පියවර (වීඩියෝ)

ඡන්දය සඳහා ගම්බිම් වෙත යන ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (20) දහවල් 12 වනවිට අතිරේක බස් රථ 200ක පමණ සංඛ්‍යාවක් යොදවා තිබූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

කොළඹ සිට පිට පළාත් සඳහා ප්‍රමාණවත් ලංගම බස් රථ සංඛ්‍යාවක් යොදවා නොතිබීම කොළඹ කොටුව ලංගම බස් නැවතුපොළේ අධික තදබදයක් හටගැනීමට හේතු වී ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.

මේ වනවිටත් පිට පළාත් සඳහා ප්‍රමාණවත් තරම් පෞද්ගලික බස් රථ සංඛ්‍යාවක් යොදවා ඇති බවත්, ඒ අනුව කොටුව බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පොළට පැමිණ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා ලෙස මගී ජනතාවට ඔහු දෙනවා.

මෙම සේවාව අද (20) මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර හෙට (21) දිනයේ දුරගමන් සේවා බස් රථ 10%ත් 20%ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට නියමිත බව ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම මැතිවරණ කලසිමාවෙන් පසු ලබන සඳුදා දිනයේ දී බස් ධාවනය 50%කින් පමණ යථා තත්ත්වයට පත්කළ හැකි බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපති ගැමුණු විජේරත්න පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56