AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට විදෙස් නියෝජිතයින් 116ක්

හෙට (21) ආරම්භ වන ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල විදෙස් නියෝජිතයින් 116 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

එම නිරීක්ෂකයින් අතර, යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් 78 දෙනෙක් සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් 22 දෙනෙක් ද එම කටයුතුවලට සහභාගී වීමට පැමිණ තිබෙනවා.

ඊට අමතරව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නිරීක්ෂකයින් 09 දෙනෙකු සහ දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 07 දෙනෙකු මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට එක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම ජාත්‍යන්තර නිරීක්ෂකයින් දිස්ත්‍රික්ක විසිපහ පුරා සිය නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

නිරීක්ෂකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සහතික වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?