මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට විදෙස් නියෝජිතයින් 116ක්

හෙට (21) ආරම්භ වන ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල විදෙස් නියෝජිතයින් 116 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

එම නිරීක්ෂකයින් අතර, යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් 78 දෙනෙක් සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නියෝජිතයින් 22 දෙනෙක් ද එම කටයුතුවලට සහභාගී වීමට පැමිණ තිබෙනවා.

ඊට අමතරව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නිරීක්ෂකයින් 09 දෙනෙකු සහ දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 07 දෙනෙකු මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට එක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම ජාත්‍යන්තර නිරීක්ෂකයින් දිස්ත්‍රික්ක විසිපහ පුරා සිය නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

නිරීක්ෂකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සහතික වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00