ශ්‍රී ලංකා දඟ පන්දුවේ පීඩනයෙන් කිවි පළමු ඉනිම 340කින් නවතියි

නවසීලන්ත පළමු ඉනිම ලකුණු කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය සමත් වුණා.

පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ක්‍රියාත්මක අද (20) දිනයේ දී දිවා ආහාරයට පෙර නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 06ක් බිඳ වැටීම කැපී පෙනෙන සිදුවීමක් ද වුණා.

තරගය පෙරේදා (18) දිනයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණ අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමු ව පිතිකරණය තෝරාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 305ක් රැස් කරගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ටෙස්ට් වාර්තා රැසකට හිමිකම් කියූ කමිඳු මෙන්ඩිස් ලකුණු 114ක් රැස් කිරීමට සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50 යි.

කඩුලු බිඳ දැමීමේ දී විලියම් ඕ රෞකි ලකුණු 55කට කඩුලු 05ක් බිඳ දැමීමට සමත් වුණා.

අජාස් පටෙල් සහ ග්ලේන් පිලිප්ස් කඩුලු 02ක් සහ සවුති එක් කඩුල්ලක් බිඳ දැමුවා.

සිය දෙවැනි ඉනිම ඊයේ ඇරඹි නවසීලන්ත කණ්ඩායම සිය ලකුණු පුවරුව ක්‍රමයෙන් ශක්තිමත් කරගනිමින් ඉදිරියට පැමිණි අතර ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් සාර්ථක වන ආකාරය ද දක්නට ලැබුණා.

එහිදී ටොම් ලැතම් ලකුණු 70ක්, කේන් විලියම්සන් ලකුණු 55ක් සහ ඩැරිල් මිචෙල් 57ක් ලබා ගත්තා.

රචින් රවීන්ද්‍ර ලකුණු 39යි.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගෙන් කැපී පෙනෙන දක්ෂතා දිස්වුණු අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 136කට කඩුලු 04ක් බිඳ දැමුවා.

රමේෂ් මෙන්ඩිස් කඩුලු 03ක් සහ නායක ධනා අතරේ කඩුලු 02ක බැගින් බෙදී ගියා.

නවසීලන්තයේ අවසන් කඩුල්ල බිඳ දැමීමේ යම් අසීරුතාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට එල්ල වූ අයුරු දිස්වුණ අතර ඊට හේතුව වූයේ ග්ලේන් පිලිප්ස්ගේ ප්‍රවේසම්කාරී පිතිකරණයයි.

පිලිප්ස් නොදැවී ලකුණු 49ක් ලබා ගත්තා.

රමේෂ්ගේ යොමු කළ පන්දුවට අවසන් කඩුල්ල ලෙස බිලි වූයේ විලියම් ඔ’ රෞකි යි.

ඒ අනුව නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 340ක් ලබා ගත්තේ; ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමෙන් ලකුණු 35ක් ඉදිරියෙන් සිටිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23