AFC Banner
Empty Ad
Empty Ad

පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 08 දෙනෙකුට මාංචු

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල යෙදුණු ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

මෙහෙයුම් දෙකක් මගින් මෙම සැකකරුවන් ව අත් අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන් පළමු මෙහෙයුම පෙරේදා (17) දිනයේ දී මුලතිව් – කර්නාටකේනි මුහුදු තීරයේදීත්, දෙවැන්න ත්‍රිකුණාමලය – ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේදීත් සිදු කර තිබෙනවා.

එහිදී මෙම සැකකාර ධීවරයින් ධීවර කටයුතුවල යෙදීමට තහනම් කර ඇති පුපුරණ ද්‍රව්‍ය ආදිය යොදාගනිමින් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටි බවයි පැවසෙන්නේ.

මෙම සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා දෙකක් සහ ආම්පන්න ද නාවික හමුදා භාරයට ගැනුණා.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා සහ රන්වැලි ආයතන එක්වයි මෙම මෙහෙයුම් සිදු කළේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 45 ත් අතර වයසේ පසුවන සෙන්තූර්, මොතොත්තුවාරම්, මදුරන්කුලිය සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ව නඩු භාණ්ඩ සමගින් ඉදිරි නීතීමය කටයුතු සඳහා කෝකිලායි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?