පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 08 දෙනෙකුට මාංචු

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල යෙදුණු ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

මෙහෙයුම් දෙකක් මගින් මෙම සැකකරුවන් ව අත් අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන් පළමු මෙහෙයුම පෙරේදා (17) දිනයේ දී මුලතිව් – කර්නාටකේනි මුහුදු තීරයේදීත්, දෙවැන්න ත්‍රිකුණාමලය – ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේදීත් සිදු කර තිබෙනවා.

එහිදී මෙම සැකකාර ධීවරයින් ධීවර කටයුතුවල යෙදීමට තහනම් කර ඇති පුපුරණ ද්‍රව්‍ය ආදිය යොදාගනිමින් ධීවර කටයුතුවල නිරතවෙමින් සිටි බවයි පැවසෙන්නේ.

මෙම සැකකරුවන් සමග ඩිංගි යාත්‍රා දෙකක් සහ ආම්පන්න ද නාවික හමුදා භාරයට ගැනුණා.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා සහ රන්වැලි ආයතන එක්වයි මෙම මෙහෙයුම් සිදු කළේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 45 ත් අතර වයසේ පසුවන සෙන්තූර්, මොතොත්තුවාරම්, මදුරන්කුලිය සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ව නඩු භාණ්ඩ සමගින් ඉදිරි නීතීමය කටයුතු සඳහා කෝකිලායි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30