ලක්ෂ 14ක මුදලක් සොරාගත් පොලිස් නිලධාරීන් සිව් දෙනාට ඇප

කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි නිවැසියන් බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනා රුපියල් ලක්ෂ හත බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (19) නියෝග කර තිබෙනවා.

මෝදර පොලිසියේ සේවයෙහි නියුතුව සිටි බව කියන සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු එසේ ඇප මත මුදා හැරුණා.

සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනා අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී පළමු වන සාක්ෂිකරු විසින් සැකකරුවන් දෙදෙනෙකු ද දෙවන සාක්ෂිකරු විසින් සැකකරුවන් සිව් දෙනෙකුද, තෙවන සාක්ෂිකරු විසින් සැකකරුවන් තිදෙනෙකුද සිව්වන සාක්ෂිකරු විසින් සැකකරුවන් තිදෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

සැකකාර පොලිස් නිලධාරීන් සතුව තිබී සොයාගන්නා ලද රුපියල් එකොළොස් ලක්ෂ අනූ හතර දහසක මුදලක් බැඳුම්කරයක් මත පැමිණිලිකරුට ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සෙසු ඉතිරි මුදල් පැමිණිලිකරුවන්ට ලබාදීමට අදාළ කරුණු ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ අධිකරණයට දන්වා තිබුණා.

නිවසේ හිමිකරුවන් මෝදර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ දිනේෂ් ගොඩගම හා නිසංසලා දිසානායක පෙනී සිටියා.

සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ පෙර නඩු වාරයේ දී අධිකරණය හමුවේ කියා සිටියේ, ඉකුත් පහළොස් වැනි දින පස්වරුවේ සැකකාර නිලධාරීන් සිව්දෙනා වැටලීම් කටයුත්තක් සඳහා එම නිවසට ගොස් පසුව පොලිසිය වෙත පැමිණ ඇති නමුත් ඔවුන් එවැනි සොරකමකට සම්බන්ධව නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45