ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමක් – සේවක සේවිකාවන් රැසකට අසාධ්‍යයි (වීඩියෝ)

පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසනවා.

අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉඩකඩ මදි හෙයින් තවත් පිරිසක් බස් රථවලින් හා ගිලන් රථ මගින් අත්තනකඩවල රෝහලට රැගෙන යාමට කටයුතු කළ ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කළ ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවත් බකමූණ හා අත්තනකඩවල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඊයේ (18) සවස් වන විට මෙම රෝගී තත්ත්වය කිහිප දෙනෙකුට හටගෙන ඇති අතර අද (19) දින සේවක සේවිකාවන් සේවය සඳහා ඇඟලුම් කර්මාන්තයට පැමිණෙමින් අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමත් සමග ඔවුන් රෝහල් ගතකර තිබෙනවා.

එම ඇගලුම් කර්මාන්තයේ සේවක, සේවිකාවන් 700ක් පමණ සේවය කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ඇඟලුම් කර්මාන්තයේ සේවය නියුතු පිරිසක් ඊයේ (18) දින පැවැති උපන් දින සාදයක දී ලබාගත් ආහාරයක් විෂ වීම හේතුවෙන් මෙම බඩේ අජීරණය සහ බඩේ කැක්කුම ඇති වී තිබෙන බවට තොරතුරු ලැබී ඇති බව බකමුණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුර සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපුල් බොලුකදුර ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20
Video thumbnail
ඇප ලැබුණු රාජිතගේ මල්ලි සතුටින් පිටව ගිය හැටි
00:34
Video thumbnail
මතක තියාගන්න ඩී.වී චානක
01:54
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:35