AFC Banner
Empty Ad
Empty Ad

දකුණේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දෙහිවලත් වෙඩි පත්තු වෙයි(වීඩියෝ)

දකුණු පළාතේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ; මාතර – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී බවයි පැවසෙන්නේ.

වෙඩිතැබීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මේ අතර කොහුවල පොලිස් වසමේ දෙහිවල – සරණංකර පාර ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රී 10.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුර ඇති බවයි හෙළි ව ඇත්තේ.

මියගිය පුද්ගලයා අවුරුදු 43ක නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වෙළෙදසැල් හිමිකරු වන බව ද වාර්තා වනවා.

ඝාතනයට හේතුවක් මෙතෙක් හෙළි ව නැහැ.

එමෙන්ම තංගල්ල – නලගම ප්‍රදේශයේ දී ද ඊයේ වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

තංගල්ල – දෙමටවලවත්ත ප්‍රදේශයේ ළඳු කැළෑ ප්‍රදේශයක වෙඩි වැදී සිටි අදාළ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව ද පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?