AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණයට දින 03යි – මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරට අලුත් මූණක්

ජනපතිවරණය සඳහා දින තුනක්ම තිබිය දී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියකු වන නිහාල් අලහකෝන්; ආණ්ඩුකාරවරයා විසින් අද (18) පත් කර ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ අද (18) පෙරවරුවේ සිය කාර්යාලයේ දී අලහකෝන් මහතා වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනපතිවරණයට දින කීපයක් තිබිය දී මේ ආකාරයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරය සඳහා පුද්ගලයෙකු පත් කිරීම ගැටලු සහගත බවත් මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ද යන්න සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

තමන් මේ සම්බන්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් කළ විමසීමක දී පත්වීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය සැප්තැම්බර් 12 වන දින සිදු කළ බව ස්ටාර්ලින් සියා කිටියා.

අදාළ නිලධාරියාගේ සුදුසුකම් පිළිබඳ ගැටළුවක් නොමැති වුවත් ජනපතිවරණය පැවැත්වීමට දින තුනක් තිබිය දී මේ ආකාරයෙන් පත්වීම් ලබා දීමෙන් පත්වීම් ලාභියා ද ගැටලු වලට මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කළා.

මෙම පත් කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අතපෙවීමක් මත සිදුව තිබෙන බවට සැක කළ හැකි සාධක පවතින බවත් මධ්‍යම පළාත අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල මගින් පහතටම ඇද වැටී තිබිය දී අදාළ පත්වීම කරන්නට ජනපතිවරණය අවසන් වන තුරු
ආණ්ඩුකාරවරයාට ඉවසා සිටීමට නොහැකි වූ කාරණය කුමක්ද යන්න මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබෙනවා.

මෙම පත්වීම සම්බන්ධයෙන් ට්‍රාන්ස් පේරන්සි ආයතනය ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?