ජනපතිවරණයට දින 03යි – මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරට අලුත් මූණක්

ජනපතිවරණය සඳහා දින තුනක්ම තිබිය දී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියකු වන නිහාල් අලහකෝන්; ආණ්ඩුකාරවරයා විසින් අද (18) පත් කර ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ අද (18) පෙරවරුවේ සිය කාර්යාලයේ දී අලහකෝන් මහතා වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනපතිවරණයට දින කීපයක් තිබිය දී මේ ආකාරයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරය සඳහා පුද්ගලයෙකු පත් කිරීම ගැටලු සහගත බවත් මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ද යන්න සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

තමන් මේ සම්බන්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් කළ විමසීමක දී පත්වීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය සැප්තැම්බර් 12 වන දින සිදු කළ බව ස්ටාර්ලින් සියා කිටියා.

අදාළ නිලධාරියාගේ සුදුසුකම් පිළිබඳ ගැටළුවක් නොමැති වුවත් ජනපතිවරණය පැවැත්වීමට දින තුනක් තිබිය දී මේ ආකාරයෙන් පත්වීම් ලබා දීමෙන් පත්වීම් ලාභියා ද ගැටලු වලට මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කළා.

මෙම පත් කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අතපෙවීමක් මත සිදුව තිබෙන බවට සැක කළ හැකි සාධක පවතින බවත් මධ්‍යම පළාත අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල මගින් පහතටම ඇද වැටී තිබිය දී අදාළ පත්වීම කරන්නට ජනපතිවරණය අවසන් වන තුරු
ආණ්ඩුකාරවරයාට ඉවසා සිටීමට නොහැකි වූ කාරණය කුමක්ද යන්න මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබෙනවා.

මෙම පත්වීම සම්බන්ධයෙන් ට්‍රාන්ස් පේරන්සි ආයතනය ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20