UPDATE :-පොන්ටින්ග් පන්ජාබ් කින්ග්ස් සමග බහු වාර්ෂික ගිවිසුමකට අත්සන් කෙරේ

UPDATE :- ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රිකී පොන්ටින්ග් ලබන වසරේ සිට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අදාළ ව ගිවිසුම අත්සන් කර තිබෙනවා.

espncricinfo වෙබ් අඩවිය වාර්තා කරන්නේ; අද (18) දිනයේ දී හෙතෙම මෙම ගිවිසුම්ගත වීම නිල වශයෙන් සිදු කර ඇති බවයි.

වසර 07ක කාලයක සිට හෙතෙම ප්‍රධාන පුහුණුකාරීත්වය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දරනු ලැබුවා.

නමුත් වසර කිහිපයක සිට කණ්ඩායම තුළ වූ පසුගාමී ස්වාභාවය හේතුවෙන් පොන්ටින්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වී මාස දෙකක පමණ කාලයකින් අනතුරුවයි මෙලෙස නව කණ්ඩායමක් සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

පන්ජාබ් කින්ග්ස් සමග පොන්ටින්ග් බහු වාර්ෂික ගිවිසුම්ගත වීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

——————————————————————————————-

ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රිකී පොන්ටින්ග් නුදුරේදීම පන්ජාබ් කින්ග්ස් සමග එක් වීමේ සූදානමක් ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග පවසනවා.

cricbuzz වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ; මෙම ආරංචිය නිල නොවන නමුත්; එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී පොන්ටින්ග් පන්ජාබ්වරුන් සමග ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටින බවයි.

එහෙත් මෙම ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් පොන්ටින්ග් පාර්ශ්වයෙන් හෝ කිසිදු තහවුරු කිරීමක් සිදු කර නැහැ.

මීට පෙර රිකී පොන්ටින්ග් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

cricbuzz වාර්තා කරන්නේ මෙම විශිෂ්ටයා පන්ජාබ් කින්ග්ස් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

2018 දී දිල්ලි කැපිටල්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙස වසර 07ක්ක් සේවය කළ පොන්ටින්, වසර කිහිපයක් තුළ කණ්ඩායමේ සිදු වූ පසුගාමීත්වය මත සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.

පොන්ටින් යටතේ කැපිටල්ස් කණ්ඩායම 2019,2020 සහ 2021 දී ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටය තෙක් පැමිණි අතර 2020 දී අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේ පළමු වරටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20